බිරිඳගේ තියුණු ආයුධ ප්‍රහාරයෙන් සැමියා මරුට | සිළුමිණ

බිරිඳගේ තියුණු ආයුධ ප්‍රහාරයෙන් සැමියා මරුට

 
පොළොන්නරුව,පුලස්තිගම,කෑගලුගම ප්‍රදේශයේදී ඊයේ(09) පස්වරුවේ අඹු සැමියන් අතර ඇතිවූ ආරවලක් දුරදිගයාමෙන් බිරියගේ තියුණු ආයුධ පහරකට ලක් වූ සැමියා මියගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය පවසයි. 
 
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පුලස්තිපුර,කෑගලුගම පදිංචිව සිටි නිලන්ත නන්දන කුමාර නැමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
 
ඊයේ  සවස් කාලයේදී 119 හදිසි ඇතුම් මධ්‍යස්ථානයෙන් පුලස්තිපුර පොලිස් ස්ථානයට ලද තොරුතුරක් අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
 
මරණකරු හා බිරිඳ දිවා කාලයේ සිට පවුල් ආරවුලක් මත එකිනෙකා අතර පහරදීම් හා බැන වැඳීම් සිදුව තිබේ. 
 
ඒ අතරතුර බිරිඳ විසින් මරණකරුගේ පසු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
 
ඝාතනය සිදුකළ සැකකාර බිරිඳ ද තුවාල ලබා පුලස්තිගම රෝහලෙට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකාරිය ලබන 21 වනදා දක්වා රක්ෂික බන්ධාගාර ගත කර තිබේ.
 
සැකකාරිය පොලිස් ආරක්ෂාව යටතේ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

Comments