ප්‍රංශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 08ක් අතුරුදන් | සිළුමිණ

ප්‍රංශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 08ක් අතුරුදන්

ප්‍රංශයේ  මාර්සෙල් නගරයේ ගොඩනැගිලි දෙකක් කඩාවැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එක් ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොඩනැගිලි කඩා වැටීමට ලක්ව ඇත. 
 
පිපිරීමත් සමග හටගත් ගින්න මැඩපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වු බව ගිනි නිවන භටයින් සදහන් කරයි. සියයකට අධික පිරිසක් ගින්න මැඩපැවැත්වීම සදහා යොදවා තිබේ. 
 
අතුරුදන් පිරිස ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී ඇති බවට සැක කෙරේ. 
 
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බොහෝ දුරට ගෑස් කාන්දුවක් මෙම පිපිරීමට හේතුවන්නට ඇතැයි ප්‍රංශ බලධාරීන් විශ්වාස කරයි.  

Comments