අවුරුදු උත්සව සංවිධාන කරන අයට පොලීසියෙන් දැනුම්දීමක් | සිළුමිණ

අවුරුදු උත්සව සංවිධාන කරන අයට පොලීසියෙන් දැනුම්දීමක්

අලුත් අවුරුදු සමය නිමිත්තෙන් සංවිධාන කරන විවිධ උත්සවවලදී ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්වන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
 
ඒ අනුව අවුරුදු උත්සව හෝ සංගීත ප්‍රසංග සංවිධානය කිරීමේදී අදාළ පොලිස්බල ප්‍රදේශ දැනුම්වත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටි.
 
මේ අතර අවුරුදු සඳහා වන වෙළෙඳ ප්‍රදර්ශන වලදීද පොලීසියේ සහය ලබාගන්න ලෙසත් එම සංවිධායකවරුන්ට දැනුම්දෙයි. 
 
එසේම අලුත් අවුරුදු සහයේ රෙදිපිළි සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ජනාකීර්ණ ස්ථාන වෙත යාමේ දී ගැට කපන්නන් සහ සොරුන්ගෙන් ප්‍රවේසම්වන ලෙස ද පොලීසිය ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ. 
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ උත්සව සමයේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලීසිය ක්‍ෂණික මාර්ග බාධක යෙදවීම, බුද්ධි නිලධාරීන් සහ සිවිල් ඇඳමින් සැරසුනු නිලධාරීණ් යෙදවීම මෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා රථාවාහන නිලධාරීන් යෙදවීම වැනි විශේෂ ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. 

Comments