2023 සිංහල අලුත් අවු­රුදු නැකත් චාරිත්‍ර | සිළුමිණ

2023 සිංහල අලුත් අවු­රුදු නැකත් චාරිත්‍ර

පරණ අවු­රුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 12 වන බදාදා දින කොහො­ඹ­පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනු­ස්ම­ර­ණ­යෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවු­රුදු උදාව
අප්‍රේල් මස 14 වන සිකු­රාදා දින අප­ර­භාග 02.59 ට සිංහල අලුත් අවු­රුද්ද උදා­වෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන සිකු­රාදා පූර්ව­භාග 8.35 සිට එදින අප­ර­භාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකු­රාදා පූර්ව භාග 8.35 ට පළ­මුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආග­මික වතා­ව­ත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන සිකු­රාදා අප­ර­භාග 2.59 සිට අප­ර­භාග 9.23 දක්වා පහත දැක්වෙන අයු­රින් ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනු­දෙනු කිරීම හා ආහාර අනු­භ­වය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි සිකු­රාදා අප­ර­ භාග 3.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දිකිරි මිශ්‍ර කිරි­බ­තක් ද තල සහ විලද මිශ්‍ර කැවිලි වර්ග­යක්ද පිළි­යෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම්, ගනු­දෙනු කිරීම් හා ආහාර අනු­භ­වය
අප්‍රේල් මස 14 වැනි සිකු­රාදා අප­ර­ භාග 5.05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනු­දෙනු කොට ආහාර අනු­භව කිරීම මැනවි.

හිස­තෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි ඉරිදා පූර්ව­ භාග 09.41 ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹු­ල්පත් ද පයට නුග­පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි සඳුදා පූර්ව­ භාග 6.28 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරි­බ­තක් හා කැවිලි වර්ග­යක් අනු­භව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටු­වීම
අප්‍රේල් මස 20 වැනි බ්‍රහ­ස්ප­තින්දා පූර්ව­භාග 06.38 ට රන්වන් පැහැති වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී නැඟෙ­න­හිර දිශාව බලා පැළ සිටු­වීම මැනවි.

නව සඳ බැලීම
අභි­නව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන ඉරිදා දින, නව සඳ බැලීම මැනවි.
සැ.යු. ඉහත නැකත් වේලා­වන් දැනට සම්මත ඔර­ලෝසු වේලා­වෙන් සක­ස්කර ඇත්තේ සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­ග්‍ර­හය ඇතිව සිංහල අලුත් අවු­රුදු රාජ්‍ය නැකත් කමි­ටුව විසිනි.


(සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව, බුද්ධ­ශා­සන ආග­මික සහ සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය)

Comments