
ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ 2023 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 568.3 දක්වා ඉහළ ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.
2022 මාර්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 318.4ට සාපේක්ෂව 2023 මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 568.3ක් වාර්තාවී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2023 පෙබරවාරි මාසයේදී ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 407ක් ලෙස සටහන් විය. නුපුහුණු (7,662), ගෘහාශ්‍රිත ආධාර (6,939) සහ පුහුණු (6,582) කාණ්ඩවලින් සමන්විත විදේශ රැකියා සඳහා 2023 පෙබරවාරි මාසය තුළ මුළු පිටවීම් 23,974 ක් ලෙස සටහන් වේ.