
මාතර රාහුලයට සිය වසක් පිරීම නිමිත්තෙන් උත්සව රැසක් සංවිධානය කර තිබේ. ඒ අතර ග්‍රන්ථයක් සම්පාදනය, පා ගමනක්, ක්‍රිකට් තරගයක්, බාලදක්ෂ ජම්බෝරිය සහ සැණකෙළියක් ඇතුළු අංග රැසක් වේ.
රාහුල පාසල් ඉතිහාසය පිළිබඳ ලියවුණු ‘ නැණ පහන් කළ රහල් මාතා‘ ග්‍රන්ථය එළිදැක්වීම අප්‍රේල් 8 වැනිදා පෙ.ව. 10.00ට මාතර දිසාපති කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතව තිබුණි. එහි ප්‍රධානත්වය කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් අබේසිංහය. කේ. කේ. ධර්මදාස එහි සංස්කාරකවරයාය. මේ එම ග්‍රන්ථයේ කවරයේ සේයාරුවකි.