පාස්කු-අවුරුදු සමයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර | සිළුමිණ

පාස්කු-අවුරුදු සමයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර

පාස්කු සමය හා උත්සව සමය උදෙසා මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සිළුමිණට කීය. ඒ සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරින් ද ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කිරීමට කටයුතු යොදා ඇත. විශේෂයෙන්ම උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමට නගර කරා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක මේ ආරක්ෂක වැඩපිළිවෙළේදී බීමත් රියදුරන් සොයා වැටලීම්ද ක්‍රියාත්මක කෙරේ.

Comments