ධනුෂ්ක ගුණතිලකට නැවතත් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට අවසර | සිළුමිණ

ධනුෂ්ක ගුණතිලකට නැවතත් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට අවසර

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබූ නියෝගය ඉවත් කර තිබේ.
 
31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක, කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන මේවන විට ඇප මත නිදහස්ව සිටියි. 
 
සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (07) යළි කැඳවු අවස්ථාවේදී සිදු කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව එම තහනම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඒ අනුව ධනුෂ්ක ගුණතිලක හට නැවතත් Facebook සහ Instagram භාවිත කළ හැකි බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.
 
සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි.
 
ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 17 වනදා මුදල් ඇප මත මුදාහැර තිබුණි.
 
ගුණතිලකට 2022 නොවැම්බර් මාසයේදී ඇප ලැබුණු විට ටින්ඩර් සහ වෙනත් සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කිරීම මුලින් තහනම් විය.
 
ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි අප්‍රේල් 27වැනිදා කැඳවීමට නියමිතය.
 

Comments