මිලියන 67.5 කට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් කොටුවෙයි | සිළුමිණ

මිලියන 67.5 කට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් කොටුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඊයේ  ( 02) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 04 කට (තෙත බර සහිත) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
 
එහිදී, එම උරය (01) තුල පර්සල් හතරක (04) ක ආකාරයට අසුරා අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) බහා තිබුණි.
 
නාවික හමුදාව විසින් වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුලට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine)  තොගයේ දළ  වටිනාකම රුපියල් මිලියන 67.5 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

Comments