නෙළුම් කුලුන නැරැඹීමට එන අයට සිහිවටන වෙළෙඳසැලක් | සිළුමිණ

නෙළුම් කුලුන නැරැඹීමට එන අයට සිහිවටන වෙළෙඳසැලක්

කොළඔ නෙළුම් කුලුන නැරැඹීමට පැමිණෙන්නන් වෙනුවෙන් සිහිවටන සහ ත්‍යාග වෙළෙඳසැලක් ආරම්භ කෙරේ.
 
කොළඔ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම විසින් එය දියත් කරනු ලැබේ. 
 
සමාගමේ සභාපති ප්‍රියයන්ත රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස් අනුව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාගේ  මගපෙන්වීම යටතේ කාර්යය මණ්ඩලය විසින් මේ වෙළෙද සැල ස්ථාපනය කර පසුගියදා විවෘත කළේය. 
 
මේ වෙ‍ළෙසැල නොයෙක් අකාරයේ සිහිවටනවලින් සමන්විතව නවින තාක්ෂණ ක්‍රමවේදයන් යටතේ ආකර්ෂණීය ලෙස නිර්මාණය කර ඇත. විශේෂයෙන් ම සිහිවටන අයිතමයන් නෙළුම් කුලුනට ආවේණික ස්වරූපයක් ලබා දීම මූලික කරගෙන නිර්මාණ කටයුතු සිදුකර තිබේ.
 
දෙස්  විදෙස් අමුත්තන් සහ පාසල් දරුවන්,කුඩා දරුවන් ඇතුළු සියලුම අයට උචිත වන පරිදි නිර්මාණ මෙම වෙළෙදසැල තුළ අලෙවි කරනු ලැබේ.
 

Comments