
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම වෙනුවෙන් පසු විපරම් කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් පත් කර තිබේ. එම කමිටුවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු විද්වතුන් පිරිසක් අයත් වේ.
ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේදි කමිටුවට අවසර ලබා ගැනීමට නියමිතය.
අදාළ කමිටුව විසින් IMF ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තරයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුවේ.
ඊට අමතරව IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැනද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතුය. දුෂණ මර්දන පනත වැනි අණ පනත් ගැන ද සොයා බලමින් මසකට වරක් මෙම කමිටුව විසින් ඇමැති මණ්ඩලය දැනුම්වත් කළ යුතු බවද ජනපති මෙම කමිටුව වෙත දුන් උපදෙස්වල සඳහන් වේ.