
ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත පදනම සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අමාත්‍යාංශයේදී පසුගියදා අත්සන් කළ අතර ඒ සඳහා අදාළ ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව මෙහි දැක්වේ. වමේ සිට: අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නිහාල් රණසිංහ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය චානක්‍ය විජයරත්න, ශ්‍රි ලංකා ඔලිම්පියාඩ් ගණිත පදනමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ග්‍රැන්ෆිද මෙල් මෙහි වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රි ලංක ඔලිම්පියාඩ් ගණිත පදනම අතර ඇතිකරගත් මෙම අවබෝධතා ගිවිසුම අනුව තුන වසරෙන් ඉහළ සියලුම පාසල් දරුවන් අතර පරිකල්පන ශක්තිය, තාර්කික ශක්තිය, තීරණ ගැනීමේ හැකියාව සහ ගණිත දැනුම වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.