ගම්පහ සිත්ගත් ගී රසික සංසදය සංවිධානය කරන සමස්ත ලංකා බොදු බැති ගී ගායනා තරගය සඳහා අයදුම්පත් කැඳවා ඇත.
වයස අවුරුදු 10 ට වැඩි කනිෂ්ඨ සහ වයස අවුරුදු 18 වැඩි ජ්‍යෙෂ්ඨ තරගය ලෙස කාණ්ඩ දෙකකින් සමන්විත මෙම තරගයට ගායන හැකියාව ඇති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම අයදුම්පත් යොමු කළ හැකිය. තමා විසින් සකසන ලද අයදුම්පත්‍රයක් ලිපිනය ලියු මුද්දර කවරයක් සමඟ අප්‍රේල් මස 16 දිනට ප්‍රථම පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. "සිත්ගත් ගී රසික සංසදය" 55/1, වෙලේ පාර, වීදියවත්ත, උඩුගම්පළ. වැඩි දුර විස්තර ඇවැසි නම් අමතන්න. චන්දි - 0728368717, 0714136391