
සංගම්වලට බල කිරීමට මවුපිය මැදිහත්වීමක් අවශ්‍යයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ඇතැම් පාසල් ගුරුවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමට සම්බන්ධ නොවීම හේතුවෙන් රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාළ වී තිබේ. පිළිතුරු පත්‍ර ඇගැයීම පෙබරවාරි 23 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ අතර මේ වන විට එම කටයුතු මාසයකුත් දින 10ක් ප්‍රමාද වී ඇත. මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු ආසන්න වශයෙන් 1,400ක් අවශ්‍ය වන අතර ලකුණු ලබාදෙන ක්‍රමවේදය සැකසීම සහ පිළිතුරු පත්‍ර ඇගැයීම සඳහා සහභාගී වන ගුරුවරු පුහුණු කිරීම ඔවුන්ගේ කාර්යභාරයයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ බලපෑම මත විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙම කටයුතුවලින් ඉවත්වී සිටින අතර විශ්‍රාමික ආචාර්යවරු කිහිප දෙනකු පමණක් මේ සඳහා ඉදිරිපත් වී සිටී. 2023 ජනවාරි මාසයේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සිසුන් 339,000ක් පෙනී සිටි අතර පිළිතුරු පත්‍ර ඇගැයීම සඳහා ගතවන කාලය සති 6ක් පමණ වේ. ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාව 19,000කි. පසුගිය වසරේ සිට අයදුම්පත් කැඳවීම සිදු කළ ද මෙතෙක් ලැබී ඇත්තේ අයදුම්පත් 13,000ක් පමණි. එයත් නිශ්චිත නොවන අතර තවත් 6,000ක් පුරප්පාඩුවක් පවතී මේ හේතුවෙන් සංයුක්ත ගණිතය, විද්‍යාව, රසායනික විද්‍යාව සහ භෞතික විද්‍යාව ජීව විද්‍යාව ආදී විෂයයන් වලට අදාළ පිළිතුරු පත්‍ර ඇගැයීම කිසිදු අයුරකින් ආරම්භ කළ නොහැකි තත්ත්වයක පවති.
එක් පිළිතුරු පත්‍රයක් ඇඟයීමට රුපියල් 150 – 175 ත් අතර මුදලක් ගෙවන අතර, මීට අමතරව දිනකට ගුරුවරුන්ට සහ පරීක්ෂකවරුන්ට ලබා දුන් රුපියල් 1450/ක මුදල රුපියල් 2000/- දක්වා ඉහළ නැංවීමට විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් ද ලබාගෙන ඇත.
මෙම ගැටලු මතුව ඇත්තේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයට පමණක් වන අතර දෙමළ භාෂා ගුරුවරුන්ගේ කිසිදු ගැටලුවක් මතුව නොමැති අතර ඔවුන් එකඟත්වයෙන් යුතුව එම කටයුතු ආරම්භ කර තිබේ. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන තුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ නොවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශ කළ ද මීට පෙර ඔවුන් දැනුම් දී තිබුණේ වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් තමන් එය වර්ජනය කරන බවයි. ඒ අනුව එකිනෙකට පරස් පර සහ පදනම් විරහිත කරුණු ඉස්මතු කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය ගෙන යන වැඩපිළිවෙළ අනුමත කළ නොහැකි අතර තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා සහභාගී වන ලෙස විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට සහ පාසල් ගුරුවරුන්ට බල කර සිටීමට දෙමාපියන් මැදිහත් විය යුතුව තිබේ.