විදේශ ප්‍රේෂණ ලැබීම්වල වර්ධනයක් | සිළුමිණ

විදේශ ප්‍රේෂණ ලැබීම්වල වර්ධනයක්

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාසයේදී සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
 
මේ වසරේ පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 407කි. පසුගිය වසරේ පෙබරවාරියේ දී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 205 කි. ඒ අනුව පසුගිය වසර හා සසදා බැලීමේ දී විදේශ ප්‍රේෂණ ලැබීම්වල ඉහළ වර්ධනයක් පෙන්නුමක් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
 
කෙසේ වෙතත් මේ වසරේ ජනවාරියේ දී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 437.5 ක් ලෙස වාර්තා විය.
 
පෙබරවාරි මාසය තුළ 23,974 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.
 
එමෙන්ම පෙබරවාරි මාසයේ සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයුම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇත.

Comments