අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ට අපරාධ චෝදනාවක් එල්ල වී තිබේ.
ඒ 2006 වසරේ දී ඔහු නිල් චිත්‍රපට නිලියක් සමග පැවති සබඳතාවක් පිලිබඳව තොරතුරු වසන් කිරීමේ අරමුණින් මුදල් ලබාදීමක් සම්බන්ධයෙනි.
ස්ටෙෆනි ක්ලිෆර්ඩ් නම් නිල් චිත්‍රපට නිරූපිකාවක් සමග 2006 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැවති සබදතාවක් පිලිබදව තොරතුරු වසන් කරන ලෙස පවසමින් ට්‍රම්ප් විසින් 2016 වසරේදී අමෙරිකානු ඩොලර් 130,000 ක මුදලක් මෙම නිරූපිකාට ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව මෑන්හැටන් දිස්ත්‍රික් අධිකරණය හමුවේ අධි චෝදනා ද ගොනු කර ඇති බව සදහන්වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු හිටපු ජනාධිපතිවරයට චෝදනා 30 ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහු අත් අඩංගුවට පත් වීමටද ඉඩක් පවතින බවත්ය.
මෙම සිද්ධිය සම්බ්න්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති නමුත් අදාළ නිල් චිත්‍රපට නිරූපිකාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කරන්නේ ඔහු ඇය සමග දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික සබදතා පැවැත්වූ බවටය.
මේ අනුව අමෙරිකානු ජනාධිපතිවරයෙකුට අපරාධ චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.