
16 හැවිරිදි කැනේඩියානු ජාතික ක්‍රීඩිකා සමර් මැකින්ටොෂ් මීටර් 400 කාන්තා පිහිනුම් නිදහස්ආර ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වේ.
ඒ කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී විනාඩි 3යි තත්පර 56යි දශම 08ක දක්ෂතාවක් දක්වමිනි.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා එරී ටිට්මස් මීට පෙර එම වාර්තාවට හිමි කම් කියු අතර සමර් මැකින්ටොෂ්ගේ පළමු ලෝක වාර්තාව ද මෙය වේ. 2022 ඔස්ට්‍රේලියානු පිහිනුම් ශූරතාවලියේදී ටිට්මස් මීටර 400 නිදහස් ආර ඉසව්වේ මීට පෙර ලෝක වාර්තාව තැබුවේ 3:56:40 කාලයකිනි.
සමර් මැකින්ටොෂ් ලෝක කනිෂ්ඨ සහ ජාතික වාර්තා කිහිපයක් ජයගෙන තිබේ.