
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ.
මෙම මිළ සංශෝධනයට අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින් අඩු කර තිබෙයි
මේ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 80 කින් ද සුපර් ඩීසල් ලීටරයක් 45 කින් ද අඩු කර ඇති බව වාර්තා වෙයි