අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – හයක් මරුට | සිළුමිණ

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – හයක් මරුට

අමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් තිබේ. 
 
ටෙනසි ප්‍රාන්තයේ, නෑෂ්විල් ප්‍රදේශයේ  එම වෙඩි තැබීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
වෙඩි තැබීම සිදු කර ඇත්තේ 28 හැවිරිදි කාන්තාවක් විසින් වන අතර ඇය සංක්‍රාන්තික ලිංගික තැනැත්තියක් බවත් වාර්තා වේ. 
 
වෙඩි තැබීමෙන් මියගිය සෙසු තිදෙනා අතරේ ගුරුවරියක සහ පාසලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් දෙදෙනකු ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
 
එමෙන්ම ඇය එම පාසලෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති බවද සඳහන්වේ. 
 
වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟ අමෙරිකානු පොලිසිය අදාළ ස්ථානයට පැමිණ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට උත්සහ දරා තිබේ. එහිදී වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති අතර පොලිසිය 
එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සැකකාරිය මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
ඇය වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර විමර්ශන කටයුතු සිදු කෙරේ.
 
2023 වසර තුල අමෙරිකාවේ සිදු වූ 129 වැනි සමූහ වෙඩි තැබීම මෙය වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් කරයි. 

Comments