හයිවේ මොබයිල් සේවය අඩපණ වන හැඩ | සිළුමිණ

හයිවේ මොබයිල් සේවය අඩපණ වන හැඩ

මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ග ආරක්ෂක පොලිසියට ලබාදෙන ඉන්ධන කෝටාව සීමා කිරීම නිසා දක්ෂිණ අධිවේගයේ ගැලනිගම සිට බැදිගම දක්වා පොලිස් ජංගම මුරසේවාවලට බරපතළ බලපෑමක් එල්ලවී ඇති බව වාර්තා වෙයි.

අධිවේගී මාර්ගය දෙපස වාහන නවත්වා ගෙන සිටීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන්ගේ සංඛ්‍යාව මේ වන විට ක්‍රමයෙන් වැඩිවී ඇති අතර පොලිස් ජංගම මුරසේවා අඩාළ වීම මීට හේතුව වී ඇත.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරීන්ට නවාතැන් ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය කුලී පදනම මත ලබාගෙන ඇති නිවාස 5ක බදු කාලය මේ මාසයේ 31 වනදායින් අවසන් වේ. ඉන්පසු එම බදු කාලය දීර්ඝ නොකරන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව අතුරුගිරිය වැලිපැන්න, කහතුඩුව සහ බද්දේගම අන්තර් හුවමාරුවල සේවයේ නිරත නිලධාරින්ට නවාතැන් ගැනීම සඳහා මෙම නිවාස මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කුලී පදනම මත ලබාගෙන තිබිණි.

Comments