සිගරට් බද්ද වැඩි කළ යුතුයි | සිළුමිණ

සිගරට් බද්ද වැඩි කළ යුතුයි

සිගරට්ටුවට ලෝක උද්ධමනය අබිබවා ගිය බද්දක් අය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි ද ඒ අනුව මෙරට ජනප්‍රිය වෙළෙඳ නාමයෙන් යුත් සිගරට්ටුවක බද්ද 75% ක් විය යුතු බව ද විපක්ෂ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදි ඉකුත් සිකුරාදා ප්‍රකාශ කළේය.

රටේ සිගරට් නිෂ්පාදනය සහ විකිණීමේ ඒකාධිකාරිය ශ්‍රී ලංකා දුම්කොළ සමාගම සතු බව ද එබැවින් වෙනත් තරගකාරි බලපෑම් නොමැති නිසා එම ආයතනයට ඕනෑම අවස්ථාවක මිල නියම කිරීමට හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. සිගරට් මත නිවැරැදි ප්‍රමාණයේ බදු අය නොකිරීම නිසා රටට අහිමි වන මුදල රුපියල් බිලියන 45 ක් බව පෙන්වා දුන් හෙතෙම එය නිවැරැදි විය යුතු බව ද අවධාරණය කළේය.

Comments