යුද්ධ හමුදා බල සේනා වලට ප්‍රශංසා | සිළුමිණ

යුද්ධ හමුදා බල සේනා වලට ප්‍රශංසා

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුධ හමුදා මූලස්ථානයට පැමිණි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා යුද්ධ හමුදා  බල සේනා සාමාජිකයන් සිදුකරන්නාවූ කටයුතු අගයමින් ඔවුන්ට ඊයේ (21) ප්‍රශංසා කරනු ලැබීය.
 
 ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමගින් යුධ හමුදා මූලස්ථානයට පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.
 
 එහිදී අමාත්‍යවරයා විසින් යුධ හමුදා සේවය නියුතු හමුදා සාමාජිකයින් සමඟ සුහද කතාබහක නිරත විය
 
 මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් යුද හමුදාපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා සහ සාගර රත්නායක මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රධාන කරනු ලැබීය.
 
හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භට පිරිස් ද මෙම අවස්ථාවටවට එක්ව සිටියහ

Comments