තරුණ සේවා සභාවේ 31 වැනි සභාපතිවරයා පත් වෙයි | සිළුමිණ

තරුණ සේවා සභාවේ 31 වැනි සභාපතිවරයා පත් වෙයි

ජාතික තරුණ සේවා සභාවේ  31 වන සභාපති වරයා ලෙස පසිඳු ගුණරත්න මහතා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  අතින් ජාතික තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී  (22) දා පත්වීමේ ලිපිය ලබා ගත්තේය.
 
ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඒ මහතා කිංග්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් සිවිල් සහ යටිතල පහසුකම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BEng (ගෞරව) උපාධියක් ද, ඩි මොන්ට්ෆෝර්ට් විශ්ව විද්‍යාලයෙන් (එක්සත් රාජධානිය) ප්‍රමාණ සමීක්ෂණ සහ ඉදිකිරීම් පිළිබඳ BSc (ගෞරව) උපාධියක් ද ලබා ඇත. මේ වන විට ආර්ථික විද්‍යාව සම්බන්දයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධියක් මෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිය සම්බන්දයෙන් අධ්‍යාපනය හදාරමින්  සිටී.
 
 
 
මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා , ජනාධිපති තරුණ කටයුතු සහ තිරසාර සංවර්ධන අධ්‍යක්ෂක රන්දුල අබේධීර මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා  අමාත්‍යංශ ලේකම්,  කේ.මහේෂන් , අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් වඩුගේ  , හිටපු සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Comments