IMF ණය පහසුකම ගැන ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් | සිළුමිණ

IMF ණය පහසුකම ගැන ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් මෙරටට අනුමත කළ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිවැරදි දිශානතියකට ගෙන යාම සඳහා වැදගත් පියවරක් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.
 
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය මේ බව සදහන් කර ඇත. 
 
මෙරට ආර්ථිකය නිසි පරිදි පවත්වා ගෙන යමින් ණය අර්බුදය අවසන් කිරීමට නම් මෙම ප්‍රතිසංස්කරණ හා ණය ප්‍රතිව්‍යුවහගකරණ මෙලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව ද ඇය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.
 
දිගු කාලීනව සිදු කරගෙන යන මෙම ප්‍රතිසංස්කරණ යහ පාලනයෙන් සහ විනිවිදභාවයකින් යුතුව සිදු කරමින් මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතු බවත් ජූලි චන්ග් මහත්මිය පැවසුවා ය.
 

Comments