
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය අද (20) රාත්‍රී ප්‍රකාශයට පත් කරන බව වාර්තා වෙයි
ශ්‍රී ලංකාව ලබා ගැනීමට අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහුසකම සම්බන්ධයෙන් අද පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවේදී අවසන් තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ
මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.
ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.