
ළමා අපයෝජන නඩු 6,443 ක් රටපුරා මහාධිකරණවල මේ වන විට විභාග වෙමින් පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර සඳහන් කරයි. ඉන් 543 ක් කුරුණෑගල මහාධිකරණයේ විභාග වේ. ළමා අපයෝජන හිංසන නඩුවලින් බහුතරයක්ම වාර්තා වන්නේ වයඹ පළාතෙනි.