
දංගහවෙල විශාරදී නර්තනායතනයේ පවත්වන්නා වූ ප්‍රථම හිස වෙස් පැලඳීම හා ශීර්ෂාභිෂේක මංගල්‍යය පසුගියදා දංගහවෙල සිරි ජනනන්දනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි. ඒ සඳහා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්‍යවරු හා ප්‍රවීණ බෙර වාදන ශිල්පීන් මෙන්ම කලා ශිල්පීන්ද සහභාගි වූහ. චරිතා විශාරදී නර්තනාචාරිනිය යටතේ නර්තනය හැදෑරූ කුල කුමාරවරුන් හා කුල කුමරියන් මෙදින හිස වෙස් හා ශීර්ෂාභිෂේක පලඳනු ලැබූ අතර ඔවුන් ආචාර්යවරිය සමඟ සේයාරුවකට මුහුණ දුන් අයුරු.