රණවිරු ගැටලු රැසකට විසඳුම් | සිළුමිණ

රණවිරු ගැටලු රැසකට විසඳුම්

උතුරු නැඟෙනහිර මානුෂීය මෙහෙයුමෙන් පසු වසර 10කට අධික කාලයක් තිස්සේ නොවිසඳී තිබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා ආබාධිත රණවිරුවන්ගේ වැටුප් විෂමතාව, විශ්‍රාම වැටුප් විෂමතාව ඇතුළු ගැටලු ගණනාවකට විසඳුම් ලබාදීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් පියවර ගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් මත සාගල රත්නායක ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නොවිසඳුණු ගැටලු පිළිබඳව ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්ද පවත්වන ලදී.

රණවිරුවන් 7000 ට ආසන්න සංඛ්‍යාවක් මෙම ගැටලු හේතුවෙන් පීඩාවට ලක්ව ඇති බව එම සාකච්ඡාවේදී හෙළි විය. ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ නොවිසඳුණු ප්‍රධාන ගැටලු 11 ක් මෙහිදී ඉදිරිපත් වූ අතර ඉන් ගැටලු දෙකක් හැර සෙසු ගැටලු සියල්ලටම විසඳුම් ලබාදීමට රජය පියවර ගත්තේය.

2009 වසරට පෙර විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ක්‍රියාන්විත ප්‍රදේශවල වසර 5ක් සපුරා නොමැතිවීම හේතුකොට ගෙන විශ්‍රාම වැටුපෙන් 85% ක් අහිමි වීම වෙනස් කර දෙන ලෙස වූ ඉල්ලීම සලකා බලා එම ඉල්ලීම ඉටු කිරීමට වැය වන මුදල පිළිබඳ සවිස්තර වාර්තාවක් අප්‍රේල් 05 දාට පෙර ලබා දෙන ලෙස සාගල රත්නායක විසින් අදාළ අංශවලට උපදෙස් දෙන ලදී.

Comments