
පාසල් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් 51%ක් සඳහා දිවා ආහාර සැපයීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. එසේම පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇත.