දිනකට සංචාරකයන් 3700ක් දිවයිනට | සිළුමිණ

දිනකට සංචාරකයන් 3700ක් දිවයිනට

මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම සැලකිය යුතු ලෙසින් ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ වසරේ පළමු මාස දෙක තුළදී පමණක් දිනකට සංචාරකයන් 3700ක් පමණ මෙරටට පැමිණ ඇති බව එම අධිකාරිය පෙන්වා දෙයි.

මේ වසරේ ගත වූ මාස දෙකකට මඳක් වැඩි කාලය තුළ සංචාරකයන් 264‍,022 දෙනකු දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව දිනකට සාමාන්‍ය වශයෙන් සංචාරකයන් 3667 දෙනකු පැමිණ ඇති බව එම අධිකාරිය පෙන්වා දෙයි.

Comments