
විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධාන කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විවි උත්සව ශාලාවේදී පසුගියදා(15) එය පැවැත්වුණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මානශීලි නිපැයුම් හා නව සොයාගැනිම් ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිම එහිදී සිදු විය.
2022 වර්ෂය තුළ ගුවන් හමුදාවේ එක් එක් වෘත්තින්ට අදාල විශිෂ්ඨතම ගුවන් භටයා තේරිම පිළිගත් ක්‍රමවේදයකට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධික්ෂණයන් යටතේ සිදුකරිමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සම්මාන ලබයි. එසේම නව සොයාගැනිම් හා නව නිපයුම් සිදුකරනු ලබන කාණ්ඩායම් සදහාද මෙහිදි සම්මාන පිරිනැමේ.

ඒ අනුව 2022 වසරේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක. 01 විවේක හා විනෝදස්වාද පක්ෂාංගයට අනුයුක්තව සේවය කරනු ලබන බළලත් නිලධාරි ආර්.ජී.එස් ප්‍රියංකර පිදුම් ලැබූ අතර විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස කටුනායක ගුවන් හමුදා මුලික කදවුරේ නිලධාරී නිවස්නයේ භෝජනාගාර සහයිකාවක ලෙස සේවය කරනු ලබන කෝප්‍රල් ලක්ෂිකා ඒ.පී විසින් පිදුම් ලැබීය.
කණ්ඩායම් අංශයෙන් විශිෂ්ඨතම තත්වපාලන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරු කණ්ඩායම ද විශිෂ්ඨතම පරිසර කළමණාකරණ ව්‍යාපෘති කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කණ්ඩායමද විශිෂ්ඨතම පර්යේෂණ කණ්ඩාම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ කණ්ඩායම මෙහිදි සම්මාන දිනාගන්නා ලද අතර විශිෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව සදහා මුදල් ත්‍යාගද මෙහිදි පිරිනමන ලදි.