
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අනිද්දා(19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.
කෙසේ වුවද සැලසුම් කර ඇති පරිදි අප්‍රේල් 25 වැනිදා ද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකිවනු ඇත.
මුදල් නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම දිගින් දිගටම කල් යමින් පවති.
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ද මෙතෙක් මුදල් ලැබී නොමැත. ඒ හේතුවෙන් එම කටයුතු ප්‍රමාද වන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.
ඒ අනුව අප්‍රේල් 25 වැනිදා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වේ.
කෙසේ වුවද මෙම පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අනිද්දායින් අවසන්වීමට නියමිතය.
එම කාලය අවසන් වීමෙන් පසු පළාත් පාලන ආයතන නාගරික කොමසාරිස්වරුන්, පළාත් කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් යටතේ පාලනය කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානක්වයෙන් පැවැත්වුණි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණක් ලබන ඔක්තෝම්බර් දක්වා ක්‍රියාත්මක වේ.