වී ගොවියන්ට සුබ පණිවිඩයක් | සිළුමිණ

වී ගොවියන්ට සුබ පණිවිඩයක්

වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අළුයම කොළඹ වරායට පැමිණ තිබෙයි
 
එම නෞකාව මගින් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් පමණ මෙරටට රැගෙන විත් ඇති බව වාර්තා වෙයි
 
ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් මෙරටට පැමිණිමට නියමිතව ඇති බවත් සඳහන් වෙයි
 
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් එම පොහොර මෙරටට ලබා දී ඇත. 
 
මෙරට ලක්ෂ 12ක් වන සියළුම වී ගොවීන් සඳහා මෙම මඩ පොහොර තොගය නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි
 
ඒ අනුව TSP පොහොර (මඩ පොහොර ), යූරියා සහ MOP (බණ්ඩි පොහොර ) යන රසායනික පොහොර වර්ග 03ම එකවර මෙම යල කන්නයේ ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය
 
මෙම TSP පොහොර තොගය නිල වශයෙන් භාරදීම හා ගොවීන්ට බෙදා හැරීමේ කටයුතු ලබන ඉරිදා (19) පස්වරු 01.00ට වත්තල කොමර්ෂල් පොහොර සමාගම් පරිශ්‍රයේදී සිදු කරන බවයි වාර්තා වෙයි

Comments