ශ්‍රී ලංකා - චීන ආර්ථික, අධ්‍යාපන සහ සංස්කෘතික සංගමය පිහිටුවයි | සිළුමිණ

ශ්‍රී ලංකා - චීන ආර්ථික, අධ්‍යාපන සහ සංස්කෘතික සංගමය පිහිටුවයි

ශ්‍රී ලංකා චීන ආර්ථික , අධ්‍යාපන සහ සංස්කෘතික සංගමය ස්ථාපිත කෙරේ.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශයන්ට අනුව විදෙස්ගත ලාංකිකයන් වෙනුවෙන් ඒ ඒ රටවල අදාල සංගම් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යටතේ චීනයේ ශාඛාව තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ගේ ප්‍රධානත්වයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී මෙය පිහිටුවා ගැනිණ.
 
දෙරට අතර ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික අංශවල සබඳතා පුළුල් කිරීමට මෙම සංගමයෙන් පුළුල් දායකත්වයක් සැපයීමට අපේක්ෂිතය. සංගමයේ නිලධාරි මණ්ඩලය මෙහිදී පත්කෙරුණු අතර, සභාපතිවරයා ලෙස ප්‍රවීණ ව්‍යවසායක චිරංජය උඩුමුල්ලගේ මහතා තෝරාගනු ලැබීය.
 
චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්, වෘත්තිකයන් හා විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
 

Comments