ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි | සිළුමිණ

ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි

95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.
 
එහිදි  2023 ඔස්කාර් - සහාය නළුවා සම්මානය "Everything Everywhere All at Once" සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකර ගනු ලැබිණි. 
 
එසේම 2023 ඔස්කාර් සම්මාන උළලේ සහාය නිළිය සම්මානය ද "Everything Everywhere All at Once" සිනමා පටයේ රංගනය වෙනුවෙන් ජේමි ලී කර්ටිස් විසින් හිමිකර ගැනීම විශේෂත්වයකි.
 
2022 මාර්තු මාසයේදී තිරගත වීම ආරම්භ කෙරුණු “Everything Everywhere”, වසර දෙකක වසංගත කාලයෙන් පසු කලාත්මක සිනමාහල් පුනර්ජීවනය කිරීමට උපකාරී වූ නිර්මාණයක් ලෙස සැලකෙන අතර එහි ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ඩොලර් මිලියන 100 කට වඩා වැඩි ආදායමක් හිමිකර ගැනීමට සමත්ව තිබුණි. 
 
අතිශය ජනාදරයට පාත්‍ර වූ RRR ඉන්දීය තෙළෙඟු සිනමාපටයේ එන ,නාටු නාටු ගීතය ද මෙවර ඔස්කාර් සම්මානයට පාත්‍ර වී තිබේ.
 
එම ගීතය ඉන්දියාවේ මෙන්ම විදේශයන් හිදී විශාල වශයෙන්  පසුගිය දිනවලදී පැසසුමට ලක්ව තිබුණි.
 
95 වැනි ඔස්කාර් සම්මාන උළෙල  ජිමී කිමෙල් විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලබන අතර ඔහු ඇමෙරිකානු ප්‍රහසන ශිල්පියෙකි.
 
සාම්ප්‍රදායිකව, පෙර වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ රංගන ජයග්‍රාහකයින් සිව්දෙනා ඔවුන්ගේ අනුප්‍රාප්තිකයින්ට සම්මාන පිරිනැමීම සිදුවේ.
 
මෙවර සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත නොවීම විශේෂත්වයකි.

Comments