
අමරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ඉතා ශීඝ්‍රයෙන් පහළ බසිමින් ශ්‍රී ලංකා රුපියල දැන් තව දුරටත් ශක්තිමත් වෙමින් පවතී. ඉකුත් බදාදා සහ බ්‍රහස්පතින්දා දෙදින තුළ පමණක් ඩොලර් සන්තකයේ තබාගෙන සිටි විශාල පිරිසක් ඒවා මාරු කරගත් අතර එසේ මාරු කර ගන්නා ලද මුදල රුපියල් කෝටි 50කට අධික බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග අනාවරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි නිල වශයෙන් විදේශ මුදල් මාරු කිරීම සඳහා බැංකු සහ බලයලත් විදේශ මාරු කිරීම් ස්ථාන 95කට නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබේ. මේ කොළඹ කොටුවේ විදේශ මුදල් මාරු කරන ස්ථානයකදී දේශීය පුද්ගලයන් පිරිසක් සිකුරාදා පස්වරුවේ තමන් සතු ඩොලර් රුපියල් කර ගන්නා අවස්ථාව සිළුමිණ ඡායාරූප ශිල්පී ගයාන් පුෂ්පික සේයාරුවට නඟා ගත් අයුරු.