
අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් වෙලා තියෙනවා. මේ රටේ අද දේශපාලන ආයතන කීපයක් තියෙනවා. ජාතික, පළාත් සහ ගම්මට්ටමින් පාලනය කරන ආයතනයි. වසර ගණනාවකින් පළාත් සභා මැතිවරණය පවත්වා නැති බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සිළුමිණට ප්‍රකාශ කළේය. ‘‘ඒක නිසා අපි ජනතාවගේ මතය විමසන්නයි ඡන්දය ඉල්ලන්නේ .මේ ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරුනොකරන ආණ්ඩුවක්. මේ අය බලෙය් රැඳි සිටින්න ඕන දෙයක් කරයි. අපි මැතිවරණයක් වෙනුවෙන් විපක්ෂයේ සියලු දෙනා එකට එකතු වෙලා ඉල්ලීමක් කළා. නිත්‍යානුකූල මැතිවරණයක් වෙනුවෙන් අපි කැප වුණා. මේ ආණ්ඩුව මැතිවරණයකට යන්න බයයි.