කටුපිල වැවේ දිය නාන්න ගිය සිසුවා ගිලී මරුට | සිළුමිණ

කටුපිල වැවේ දිය නාන්න ගිය සිසුවා ගිලී මරුට

 
ඊයේ (08) දහවල් සෙවණගල පොලිස් වසමේ කටුපිල වැවේ දිය නාමින් සිටි දරුවෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව සෙවණගල පොලිසිය පවසයි.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ  පැල්මඩුල්ලේ පදිංචි වයස අවුරුදු 14ක් වන පාසල් සිසුවෙකි
 
මව සහ ඥාතීන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක යෙදී සිටියදීයි මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි
 
කටුපිල වැවට පැමිණි දරුවා තවත් අය සමඟ බයිසිකල් ටියුබ් ආධාරයෙන් දිය නාමින් සිට තිබෙයි
 
ටයරය සුළංපහරට හසුවීමෙන් දරුවා වැවට වැටීමෙනුයි ජීවිතක්ෂයට පත්ව ඇත.
 
මේ වන විට මෘත දේහය ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර තිබෙයි

Comments