
ලාංෙක්ය ගීත ක්ෂේත්‍රය ඇතුළු සාහිත්‍ය ක්ෂේත්‍රයන්ට සුවිසල් මෙහෙයක් කළ ප්‍රවීණ කලාකරු සුනිල් සරත් පෙරේරාට මාර්තු 5 වන ඉරිදාට වසර 80ක් සපිරේ.
කිරුළපනේදී 1943 මාර්තු 05 වැනිදා උපන් සුනිල් සරත් විශාරද ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ට වැඩිම ගීත සංඛ්‍යාවක් රචනා කළ ගීත රචකයා ද වෙයි. 1994/95දී රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුනිල් සරත් හැටේ දශකයේ ගුවන් විදුලි සංස්ථාවේ සරස්වතී මණ්ඩපය ආරම්භ කිරීමේ සමාරම්භකයා ද වෙයි.
ගීත දහසක් පමණ රචනා කර ඇති සුනිල් සරත් රාජ්‍ය සාහිත්‍ය රැසක් සමඟ පාරිසරික සන්නිවේදනය වෙනුවෙන් ජනාධිපති සම්මානය ද දිනා ගෙන තිබේ. සුනිල් සරත්ගේ අතින් ලිය වී ඇති සාහිත්‍ය කෘති සංඛ්‍යාව 20කි. සුනිල් සරත්ගේ උපන් දිනය නිමිති කරගෙන ඔහු පිළිබඳව නිර්මාණය වූ ආලකමන්දාව වැඩසටහන මාර්තු 5 ඉරිදා පස්වරු 3.00ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.