
ඉදිරි වර්ෂ දෙකක කාලය වෙනුවෙන් ඩොලර් බිලියන එකහමාරකට (ඩොලර් කෝටි 150ක්) ආසන්න මුදලක් මෙරටට පිරිනැමීමට ලෝක බැංකුව එකඟත්වය පළ කර තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා ලෝක බැංකු නියෝජිතයන් අතර ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළව ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් ඇතුළු නියෝජිත පිරිස ජනපති රනිල් වික්‍රමසිංහයන් හමුවීමෙන් පසු මෙම එකඟතාව පළව තිබේ.
IMF අනුමැතිය ලද විගස ඉදිරි වසර දෙක වෙනුවෙන් මෙම මුදල් වෙන් කරන බවත් එහි පළමු කොටස ඒ විගස මුදා හරින බවත් ලෝක බැංකු නියෝජිතයන් පොරොන්දු වී ඇත.