
මෙරට ප්‍රවාහන ඉතිහාසයේ ගමන් මඟ තීරණාත්මක නව ප්රවේශයකට කැඳවා ගෙන එමින් මෙරට නිෂ්පාදිත පළමු විදුලි මෝටර් රිය සහ විදුලි ත්‍රිෙරා්ද රිය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට ලක් කරමින් ඒවාට නිල අංක තහඩු නිකුත් කිරීම, පසුගිය 3වැනි සිකුරාදා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදී වේගා ඉනොවේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ වෙත එම මෝටර් රථයට අදාළ අංක තහඩුව පිරිනැමූ අවස්ථාවයි මේ. මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ ඇතුළු පිරිසක් එක්ව සිටියහ. (මේ පිළිබඳ විශේෂ ලිපියක් 10 පිටුවේ පළවේ)