දේශීය සිනමා සංස්කෘතිය සහ සිනමා සාක්ෂරතාව පෝෂණය කිරීමේ අරමුණින් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ලේඛන කලාව තුළ නියැළෙමින් සිටින ප්‍රවීණ හා නවක සිනමා ලේඛකයන්ට අවස්ථාවක් උදා කර දී තිබේ. ඒ ශ්‍රී ලාංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් වාර්ෂිකව සිදු කරන සිනමා ග්‍රන්ථ ප්‍රකාශන එළිදැක්වීමේ වැඩපිළිවෙළ හරහාය.
ඒ අනුව රට පුරා විසිරී සිටින දක්ෂ සිනමා ලේඛක ලේඛිකාවන්ගේ අත්පිටපත් කැඳවා එයින් තෝරා ගනු ලබන පිටපත් වාර්ෂික අදියර දෙකක් යටතේ සංස්ථා ප්‍රකාශන ලෙස ජනගත කිරීමට කටයුතු යොදා ඇත.
ඒ පිළිබඳ අයදුම් පත් ලබා ගැනීමට දුරකතන අංක 077 6763344 ඇමැතිය හැකිය.