ශ්‍රී මහ බෝධියට කිසිම හානියක් නෑ | සිළුමිණ

ශ්‍රී මහ බෝධියට කිසිම හානියක් නෑ

පසුගිය දිනවල අනුරාධපුරයේ පැවැතුණු අධික ශීතල නිසා ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ කොළ හැළීම මෙන්ම එහි අලුතෙන් රිකිලි දැමීම ප්‍රමාද වී තිබූ බව ද විදුලි සන්දේශන කුලුනු මඟින් ඇති වූ බලපෑමක් නිසා හානියක් සිදු වූ බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන මතයෙහි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව ද එය භාර උද්භිද විද්‍යාඥ භාතිය සුමිත්‍රාරච්චි සිළුමිණට ප්‍රකාශ කළේය.

වසර 14ක කාලයක් තිස්සේ එවැන්නක් නිරීක්ෂණය නොවූ බව කියා සිටි හෙතෙම පෙන්වා දුන්නේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ වැඩීම සඳහා සුදුසුම උදෑසන උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 27 - 30 බවත් පසුගිය 18 වැනිදා බෝධීන් වහන්සෙ පරීක්ෂා කළ බවත්, එය සෙමෙන් සෙමෙන් දලුලෑමට පටන් ගෙන ඇති බවත්ය.

ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා හා ජනවාරි මැද දක්වා මහා වර්ෂාවෙන් බෝධිය අධික ලෙස තෙත් වූ බැවින් අනුරාධපුරයේ උදෑසන උෂ්ණත්වය සෙල්සියස් 16 සිට 18 දක්වා අඩු වී කොළ හැළීමෙන් අභ්‍යන්තර ජල සමතුලිතතාව රැක ගැනීමේ අවශ්‍යතාව මතු නොවුණු බවත්, මෙය මුළු ලෝකයම මුහුණ දී සිටින අධික ශීතල නිසා ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් ප්‍රමාද වීමෙන් ඇති වූවක් බවත්, ඒ හේතුවෙන් පත්‍ර වැටීම ප්‍රමාද වීම නිසා පත්‍රවල අඳුර පැහැය ඇති වී ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.

Comments