විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා වෙනුවෙන් විදේශගත වෙද්දී සිය පවුලේ සාමාජිකයන් වෙත ද රජයෙන් ගුවන් ගමන් ටිකට් පත් ලබා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් නොකිරීමට තීරණය වී තිබේ.
පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් ආචාර්යවරුන්ට වසර හත බැඟින් වූ නිවාඩුවක් අවස්ථා දෙකක දී හිමි වන අතර බහුතරයකට මෙය ශිෂ්‍යත්වයක් ලෙස හිමි වේ. එහිදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද විදේශගතවන බැවින් එම අවස්ථාවලදී පවුලේ සාමාජිකයන්ට ද රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබා දෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙකී තීරණය ගෙන තිබේ.