
පසුගිය වසරේ මැයි 9 වැනිදා හා ඊට අදාළ දින කිහිපයේ නිවාස ගිනි තැබිම් හා දේපළ විනාශ කිරීම් සම්බන්ධව රට පුරා පැවති සිදුවීම් මාලාව සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව කොළඹ අභියාචනාධිතරණයට පසුගිය සිකුරාදා භාර දුන්නේය.
මෙම ත්‍රි පුද්ගල කමිටුවට එහි සභාපති ලෙස වසන්ත කරන්නාගොඩ, හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සම්බන්ධ වූ අතර මෙම වාර්තාවේ මුල් පිටපතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට භාර දී තිබුණි. පෙත්සම්කරුවන් 39 දෙනකු විසින් කොළඹ අභියාචනාධිකරණයට ගොනු කර ඇති මේ සම්බන්ධ නඩුවේදී පසුගිය සිකුරාදා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබූ අතර, එහිදී නඩුවේ කොටසක් ලෙස මෙම වාර්තාව අධිකරණයට භාර දී තිබුණි. මේ අනුව මෙම වාර්තාව පොදු ලියවිල්ලක් බවට පත්වන අතර මේ හරහා මැයි 9 වැනිදා සිදු වූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් නිසි අනාවරණයක් ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයකි.