
ආණ්ඩුව විසින් පළාත්පාලන ඡන්දය කල් දැමීමට දරන උත්සාහය සම්බන්ධයෙන් විපක්ෂය ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සිළුමිණට කීය.
ආණ්ඩුව තමන්ගේ ඡන්ද පදනම ගැන හොඳින් දන්නා නිසා මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන් මහලේකම්වරයා ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට එරෙහිව අධිකරණයට යාමටත් ජනතාව සමඟ විරෝධය පළ කරන බව ද කීය.