ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය වෛද්‍ය චමීරට | සිළුමිණ

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය වෛද්‍ය චමීරට

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතනයක් වන ජාතික ලොතරැයි මණ්ඩලයේ අභිනව සභාපති ලෙස වෛද්‍ය චමීර යාපා අබේවර්ධන ඉකුත් පෙබරවාරි 22 වැනිදා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. දශක 6කට ආසන්න කාලයක් රටේ ආරථිකයට ප්‍රබල ශක්තියක් වූ ජාතික ලොතරුයි මණ්ඩලයේ 26වැනි සභාපතිවරයා ඔහුය.

වෛද්‍ය චමීර යාපා නව තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා, ජපානයේ නියෝජ්‍ය ධූත මණ්ඩල ප්‍රධානි කට්සුකි කොටාරෝ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්, ඉහළ කළමනාකාරිත්වයද, පවුලේ ඥාතීන්ද ඇතුළු ඉහළ නිලධාරින්ද සහභාගී වූහ

Comments