රුසියානු - යුක්රේන යුද්ධයට අදට වසරයි | සිළුමිණ

රුසියානු - යුක්රේන යුද්ධයට අදට වසරයි

යුක්රේන – රුසියා යුද්ධයට  අදට (24) වසරක් සපිරෙයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර තිබෙයි
 
පසුගිය වසරේ පෙරවාරි 24 රුසියානු  යුක්රේන යුද්ධය ආරම්භ වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාව යුක්රේනයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කළ 04 වන අවස්ථාව මෙයයි.
 
මෙහිදී එක්සත්ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් 141 ක් රුසියාව ආක්‍රමණය හෙළා දකිමින් ඡන්දය පළ කර තිබුණි.
 
ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු රටවල් 32 ක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
 
එක්සත් ජාතීන්ගේ යෝජනාවේ සදහන් වන්නේ රුසියාව වහාම සහ කොන්දේසි විරහිතව යුක්රේනයෙන් ඉවත් විය යුතු බවත් සාධාරණ හා කල්පවත්නා සාමයක් සදහා එළඹිය යුතු බවත්ය.

Comments