මැතිවරණ කොමිසමේ අද විශේෂ හමුවක් | සිළුමිණ

මැතිවරණ කොමිසමේ අද විශේෂ හමුවක්

මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (24) දිනයේදී රැස්වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.
 
අද පෙරවරු 10.30ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
 
කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාවලිය, ඒ සඳහා පවතින රාජ්‍ය ආයතන වල දායකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ද අද දිනයේ සාකච්ඡා කරන බවය. 

Comments