
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 03 වැනිදා ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මාර්තු 9වැනිදා ඡන්ද විමසීම නොපැවැත්වෙන බවයි.
එමෙන්ම, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට මැදිහත් වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එම ඉල්ලීම සමඟ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව කළ ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ද කථානායකවරයාට ලබාදීමට නියමිතය.